IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නල්ලූර් පුංචි මන්ත්‍රී ගංජා සමග මාට්ටු

(ගයාන් සූරීය ආරච්චි)

කේරල ගංජා ජාවාරම් කළ බව කියන නල්ලූර් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චු පක්ෂයේ මන්ත්‍රීවරයකු අලුයම අත්අඩංගුවට ගත් බව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකාර මන්ත්‍රීවරයාගේ නිවස වැටලූ අවස්ථාවේදී සැකකරුගේ නිවසේ අල්මාරියේ සඟවා තිබියදී ගංජා කිලෝ 4 ක් සහ ග්‍රෑම් 800 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයාට මන්නාරම්ම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මීට දින කීපයකට පෙර කේරල ගංජා කිලෝ 10 ක් ලබා දී තිබූ අතර ඉන් කොටසක් විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුට එම ගංජා තොගය ලබාදුන් පුද්ගලයා සහ එම ගංජා ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 



අදහස් (0)

නල්ලූර් පුංචි මන්ත්‍රී ගංජා සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site