(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ 'නැණ ශිල්ප' කණ්ඩායම '2022 මයික්‍රෝසොෆ්ට් ඉමැජින් කප්' ලෝක කුසලාන ශූරතවලියේ අනුශුරතාව දිනාගැනීමට සමත් වූ බව මයික්‍රෝසොෆ්ට් සමාගම පසුගියදා නිවේදනය කළේය.'
2022 මයික්‍රෝසොෆ්ට් ඉමැජින් කප්'ලෝක කුසලාන තරඟාවලිය ඉකුත් 24 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටල් නගරයේදී පැවැත්වින.
ලෝකයේ රටවල් 160 ක කණ්ඩායම් දහස් ගණනක් අතරින් 'නැණ ශිල්ප' කණඩායම ලෝකයේ හොඳම කණඩායම් 3 ට තේරී පත්වෙමින් අවසන් තරඟයට සහභාගී වුවේය.
අවසාන මහා තරඟයට 'වී බයොනික්' කණ්ඩායම,'මෙලොඩික්' කණ්ඩායම සහ 'නැණ ශිල්ප' කණ්ඩායම සහභාගී විය.අනුශුරතාව දිනූ 'නැණ ශිල්ප' කණ්ඩායමට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 10,000 ත්‍යාග මුදලක් හිමි විය.මේ සමග ශ්‍රී ලංකේය තාක්ෂණයෙන් බලගැන්වුන විසඳුමක් ලෝක ශූරතා තරඟාවලියේ ප්‍රමුඛතම විසඳුම් අතරින් එකක් විය.
මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ කල්පනී අබේසිංහ, චමිල් දිලුක්ෂ, මහේෂානි මාකලන්ද සහ ප්‍රභාත් ශාලිත යන මහත්ම මහත්මීන් 'නැණ ශිල්ප' කණ්ඩායමේ සාමාජිකයන් විය.සිංහල භාෂාවෙන් කියවීමට,ලිවීමට ගණිතය ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ගේ අපහසුතාවයන් හඳුනාගනිමින් මග පෙන්විය හැකි මෘදුකාංගයක් නිපදවීමට 'නැණ ශිල්ප' කණ්ඩායම සමත්ව ඇත.මෙම මෘදුකාංගය සිංහල භාෂාවට පමණක් නොව අනෙක් භාෂාවන්ටද සහාය දක්වන බව 'නැණ ශිල්ප' කණ්ඩායම නිවේදනය කළේය.
ඉගෙනීම් අපහසුතා හඳුනාගැනීමේ වෘත්තීය පරීක්ෂණ ක්‍රියාවලියට ඩොලර් 400 ත් 2,000 ත් අතර මුදලක් වැය වෙන අතර 'නැණ ශිල්ප' මෘදුකාංගය සමග එය ඩොලර් 60 දක්වා අඩු කළ හැකි බව ඔවුන් පෙන්වා දුන්නේය.
'මයික්‍රෝසොෆ්ට් ඉමැජින් කප්' නිර්මාණ වී ඇත්තේ පරිකල්පන ශක්තිය සහ තාක්ෂණික දැනුම භවිතා කරමින් ලොව විශාලතම සමාජ, පාරිසරික සහ සෞඛ්‍ය අභියෝගවලට නව විසඳුම් සෙවීම සඳහා සිසුන් දිරිමත් කිරීමටය.