(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් 187,810 ට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 7 තුළදී සංචාරකයන් 1,368,288 ක් මෙරටට පැමිණ ඇති අතර මෙම වසරේ සංචාරක ඉලක්කය වන ලක්ෂ 30 සීමාවට ළඟාවීමට නම් තවත් සංචාරකයන් 1,631,712 ක පිරිසක් ඉතිරි මාස 5 දී ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව ඇත.
ජූලි මාසයේදී මෙන්ම මෙම වසරේ පළමු මාස හත තුළදීද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 37,128 ක් සහ පළමු මාස හත තුළදී සංචාරකයන් 279,122 ක් මෙරටට පැමිණ ඇත. ජූලි මාසයේදී දෙවැනි සහ තෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ නෙදර්ලන්තයෙන් වේ.
නමුත් මෙම වසරේ පළමු මාස හත තුළදී මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ රුසියාවෙන්ය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.6කින් ඉහළට