(අංජුල මහික වීරරත්න)
විශ්වවිද්‍යාල සිසුන් සිදුකරන උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන නමුත් ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
නව පුස්තකාලය විවෘත කිරීම සංකේතවත් කරමින් සමරුඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරිය, නව පුස්තකාල පරිශ්‍රෙය් නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.
"රජයේ අපේක්ෂාව වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ ප්‍රමාණාත්මක වර්ධනයකට වඩා, ලෝකයට මුහුණ දිය හැකි, ලෝකයත් සමඟ ගනුදෙනු කළ හැකි සිසුන් බිහිකරන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ස්ථාන බවට විශ්ව විද්‍යාල පත් කිරීමයි. විශ්වවිද්‍යාල හුදු පළමු උපාධිය හිමි උපාධිධාරීන් පමණක් බිහි කරන කාර්යයෙන් ඔබ්බට ගොස් පශ්චාත් උපාධි අධ්‍යයනයයන් සහ රටට ලෝකයට වැඩදායී සහ ඵලදායී පර්යේෂණ සිදුකරන ස්ථාන බවට පත්කරගැනීම තමයි රජයේ අපේක්ෂාව, පසුගිය කාලවල අපගේ විශ්වවිද්‍යාල පද්ධතිය ව්‍යාප්ත වුණා. නමුත් එහි ගුණාත්මක භාවයට ප්‍රමාණවත් අවධානයක් යොමු වෙලා නැහැ.
අපගේ විශ්වවිද්‍යාලවලින් පිටවන ශිෂ්‍යයින් විශ්වාසයකින් යුතුව ලෝකයට මුහුණ දීමට සූදානම් බව අප සහතික කළ යුතුයි.
ඉදිරි වසර කිහිපය තුළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමේ පවතින බවට සහතික කරමින් පශ්චාත් උපාධි, ගුරු පුහුණු විශ්වවිද්‍යාල බවටත්, පර්යේෂණයේ විශිෂ්ටතා මධ්‍යස්ථාන බවටත් පත්කිරීම අවශ්‍යයි යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නවක වදයට රජයෙන් කිසිම සමාවක් නෑ
Aruna Sunday, 03 August 2025 01:36 PM
තමුන්ගේ පක්ෂයේ අය හදාගත්තා නම් කෙටියෙන් ප්‍රශ්නේ විසඳෙනවා...
අන්_ර Sunday, 03 August 2025 01:37 PM
නවක වදයෙන් තොර කැම්පස් දේශපාලනයක් අපි නම් දන්නේ නෑ. ඒ නිසා ඔයාට ඕක නවත්තන්න දෙන්න බෑ...
Saman Sunday, 03 August 2025 03:13 PM
කියන්න නම් ලේසියි... නෝනේ කරන්න තමයි අමාරු...
Gihan Sunday, 03 August 2025 03:33 PM
කටින්ද දන්නේ නෑ කතා කරන්නේ...? දෙක වසර ළමයෙක්ගෙන් අහන්න කවුද නවක වදය කරන්නේ කියලා...