(සිතුම් චතුරංග)
වවුනියාව සෙට්ටිකුලම නේරියකුලම ප්‍රදේශයේ නිවසක් අසල සඟවා තිබූ ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 721 සමඟ සැකකරුවන් දෙදෙනකු ඊයේ (02) පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
පසුගිය 21 වැනිදා කිරිබත්ගොඩදී ටි.56 ගිනි අවියක් සහ පතොරම් ගැබක් සමඟ අත්අඩංගුවටගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ටි.56 ජීව පතොරම් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ එම විමර්ශනවලට අදාලව පසුගිය 22 වැනිදා වවුනියාව නේරියකුලම ප්‍රදේශයේදී සැකකරුවකු අත්බෝම්බ 84 ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවටගනු ලැබූ අතර ඔහුගෙන්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් දෙදෙනා පිළිබඳ කරුණු අනාවරණයවී ඇතැයි පොලිසිය පැවසීය.
එක් සැකකරුවකුගේ නිවස ආසන්නයේ වළදමා තිබියදී ජීව පතොරම් 621 සහ අනෙත් සැකකරු සන්තකයේ තිබී ජීව පතොරම් 107ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගත් බවත් පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජීව උණ්ඩ721 ක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට
fairoos Sunday, 03 August 2025 05:19 PM
කොහොමද අප්පා මෙච්චර ආයුධ සහ පතරම්... පොලීසිය සහ හමුදාව ඉන්න අයගැන සෝදිසියෙන් ඉන්න වෙයි.