(නාලක සංජීව දහනායක)
රජයට සහය පළකරමින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනරැළියක් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
‘‘ජනවරමට අවසරයි‘‘ යනුවෙන් නම්කර ඇති මෙය ලබන මස 3 වැනිදා මරදානේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශයකයකු ලංකාදීපයට පැවසීය.
එමෙන්ම වහාම මහමැතිවරණයක් පවත්වන ලෙසට රජයට බලකරමින් මහජන පෙත්සමක් අත්සන් කිරීමටද රජය තීරණය කර තිබේ.
ගෙයින් ගෙට ගොස් මෙම පෙත්සම සඳහා අත්සන් ලබාගැනීමට සැළසුම්කර තිබෙන බවද එම ප්‍රකාශකයා කීය.