(අජන්ත කුමාර අගලකඩ)
ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා ඇති බත්තරමුල්ල අපේගම පරිශ්‍රෙය් අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට හෝ නාවික හමුදාවට බාර දෙන්නැයි තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් මෙරට සංගීත ක්ෂේත්‍රයට කරන ලද ජාතික මෙහෙවර අගය කිරීම සඳහා මෙම අමරදේව අසපුව ඉදිකිරීමට පියවර ගනුලැබුවේ එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පර්චස් 100 ක භූමි ප්‍රදේශයක් ඒ සඳහා වෙන්කර ඇති අතර අමරදේව අසපුව ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 25 කි.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුව පවරන ලද පෞද්ගලික සමාගමේ ඉදිකිරීම් කටයුතු ගැන සෑහීමකට පත්විය නොහැකි බැවින් කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි.
ඒ අනුව දැනට ඉදිකිරීම් කටයුතු යුද හමුදාවට හෝ නාවික හමුදාවට පවරන ලෙසත් අවශ්‍ය අරමුදල් භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙසත් ඇමැතිවරයා රජයෙන් ඉල්ලීමක් කර ඇත.

