(අංජුල මහික වීරරත්න)
රට අනතුරට වැටී ඇති මොහොතේ තමා බාරගත් අනතුරුදායක අභියෝගය ජය ගැනීම සඳහා සැමගේ සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද(16) පැවසීය.
හුණු වටයේ කතාවේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළාටත් වඩා වැඩි අභියෝගයක් තමා බාරගත් බව කී අග්‍රාමාත්‍යවරයා ගැඹුරු හෙළ තරණය කරමින් රට නැමැති දරුවා සුරක්ෂිතව එහා පැත්තට ගෙනයාම තම අභියෝගය බවද සඳහන් කළේය.
තමා මේ අභියෝගය බාර ගත්තේ රට වෙනුවෙන්ම පමණක් යැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.