‘මැතිවරණයෙන් පසු ශක්තිමත් රජයක් ගොඩනගනවා‘


 (නිමල කොඩිතුවක්කු)           
 

ඉදිරි මැතිවරණයෙන් පසු ශක්තිමත් රජයක් බිහිකිරීමට කටයුතු කරන බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා කොළඹදී අද(23) පැවසීය.

ස්ථාවර  රටක් ගොඩනැගීම  සදහා ස්ථාවර පාර්ලිමේන්තුවක්, අලූත් රජයක් පිහිටුවීමේ වගකීම මහජනතාවට භාරදිය යුතු බවද සේමසිංහ මහතා සදහන් කළේය.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශෙහාන් සේමසිංහ මහතා මෙසේද කීවේය.

  ‘‘මේ රට අස්ථාවර කරන්න,  ව්‍යවස්ථාදායකය අර්බුදයකට ලක් කරන්න  නකතානායකතුමත් එක්සත් ජාතික පක්ෂයත්  ජනතා විමුක්ති පෙරමුණත් මේ දරන උත්සාහය පරාජය කරලා අපි ඊළඟ  මැතිවරණයෙන් පසුව ස්ථාවර රජයක් ගොඩනැගීමට අවශ්‍ය පියවර ගන්නවා.

ලබන 07 වෙනිදා අධිකරණය මගින් ලබාදෙන  තීන්දුව දිහා දෑස් දල්වමින් අපි බලා සිටිනවා.  අධිකරණ  තීන්දුව කුමක් වුවත් අපි හිස නමා එය පිළිගන්නවා. 

මහමැතිවරණයක් පැවැත්වීමට  එරෙහිව ඔය කියන හවුලම අධිකරනය හමුවට ගිහින් තියෙනවා. මේ  හවුලම ඡුන්ද වලට බයයි. ඡන්ද වලට බය නිසා තමයි ජනතාව ඉදිරියට යන්නේ නැතුව පාර්ලිමේන්තුව  තුළ කුමන්ත‍්‍රණ කරමින් සිටින්නේ.

මේ රටේ අනාගතය බාරව තියෙන්නේ ජනතාවට කියලා අපි  ඉතා පැහැදිළිව කියනවා. ස්ථාවර පාර්ලිමේන්තුවක්, ස්තාවර  රටක් ගොඩනැගීම  සදහා අලූත් රජයක් පිහිටුවන්න නැවත අවස්තාව  ලැබෙන්නේ ජනතාවටයි.  

මේ අවුරුදු  තුනහමාරක කාළය තුළ  එක්සත් ජාතික පක්ෂය විවිධ අවස්තාවලදි අධිකරණ තීන්දු ගැන පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත්  කතා කළා.  දැන් නැවවත්  ඒ භූමිකාවම විපක්ෂයට ගිහින් සිදු කරමින් පවතිනවා. ඒ  නිසා අපි එක්සත් ජාතික පක්ෂයට කියනවා කරුණාකරලා රටේ නීතියට  අනුව කටයුතු කරන්න කියලා.

ජනතාව  ඉදිරියට යන්න බය නැත්නම් අපි සියලූම දෙනා එකතුවෙලා  මැතිවරණයකට යමු. ඔවුන්  දන්නවා එන මැතිවරණය ඔවුන්  පරදිනවා කියළා. ඔවුන්ට  කිසි දිනක යළි ආන්ඩුවක් පිහිටුවන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ.  ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන්  උපරිම ප‍්‍රයෝජනයක් ගැනිම සදහා තමයි එක්සත් ජාතික පක්ෂය අද උත්සාහ ගනිමින් සිටින්නේ’’ යැයිද ශෙහාන් සේමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.