(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ රුපියල් හය කෝටියකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන එහි ඩුබායි ශාඛාවේ කලක් කළමනාකරණ අධ්‍යක්ෂ වශයෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 78 හැවිරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ඩුබායි ශාඛාවේ කළමනාකරණ අධ්‍යක්ෂ වශයෙන් සේවය කරමින් සිටියදී මෙම මුදල වංචා කර සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනාව යටතේ මෙම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ඊයේ (3) පැවැසීය.
මෙම මුදල් වංචාවට අදාළව ලැබුණු පැමිණිල්ල මත විමර්ශන පවත්වා හෙළිවූ තොරතුරු මත ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අත්අඩංගුවට ගැනුණේ රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන(1) අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හිටපු මහාචාර්ය කෝටි හයකට විදලා
පන්සිළු Monday, 04 August 2025 09:34 AM
උගත්කමයි ගුණධර්මයි අතර කිසිම සම්බනධතාවක් නෑ කියන්න තවත් උදාහරණයක්