(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට , ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය සහ වීසා කාළය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි 05 ක් වැනි සුළු කාළයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක් අද විවෘත විය .
වසරකට වඩා වැඩි කාළයක් මෙරට රැදී සිටින විදේශීය සංචාරකයන්ට , ඔවුන් සතුව බර වාහන සදහා ද රියැදුරු බලපත්‍ර තිබේ නම් ඔවුන් සදහා ද , ත්‍රිරෝද රථ පැදවීම සදහා ඉන්දියාව වැනි රට වල සිට මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා ද , ඔවුන්ට එම රටවල රියැදුරු බලපත්‍ර තිබේ. නම් ඔවුන් සදහා ද මෙම ශාඛා කාර්යාලයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගත හැකිය .
විද්‍යත් තැපෑල මගින් මෙරටට පැමිණෙන සංචාරකයන් මෙම කාර්යාල වෙත තම අයැදුම් පත් යොමු කළ හැකි බවත් , එමගින් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ කාළය තවදුරටත් අවම කර ගත හැකි බව ද අමාත්‍යවරයා පැවසීය .
ප්‍රවාහන මහාමාර්ග , සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතින් මෙම කාර්යාලය විවෘත කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදේශිකයනට රියැදුරු බලපත් නිකුත් කරයි
මාලිමාපෙන්දා Monday, 04 August 2025 09:36 AM
ඔය යන්නෙ මැති ඇමතිවර හැම බිබික්කමකටම විරිත්තගෙන. අන්න ඒකයි වෙනස. හිටපු අය කළානම් තමයි කට උල් කර කර අත ගුළි කර කර දෙසන්නෙ.