‘අලියා හෝ හංසයා නොදුන්නොත් වෙනත් තීරණයක් ගන්නවා’


(ඩයනා උදයංගනී) 

සමගි ජනබලවේගයට අලියා හෝ හංසයා ලකුණ නීත්‍යානුකූලව ලබා නොදෙන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේ දී වෙනත් තීරණයක් ගැනීමට සිදුවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (2) පැවසීය.

එම ලකුණ කුමක්ද යන්න ඉදිරියේ දී රටට හෙළි කරන බව විපක්ෂනායකවරයා  සදහන් කළේය.

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (1) රැස්වී ලකුණ සම්බන්ධයෙන් හෝ එක්සත් ජාතික පක්ෂය ලෙස තරග කිරීමට අවසන් තීරණයක් නොගත් බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් ඡන්ද විමසීමක් නොවූ බවත් විපක්ෂනායකවරයා කීවේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඡායාරූප - ළහිරු හර්ෂණ