අංජුල මහික වීරරත්න
රාජපක්ෂ කල්ලිය බලහත්කාරයෙන් ආණ්ඩුවේ එල්ලී ඉන්නේ ජනතාවට ඇති ආදරයක් නිසා නොව විශේෂ අධිකරණයේ නඩුවලින් බේරෙන්නට යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
මෛත්‍රී - මහින්ද යුවළගේ මේ නාටකය නිසා ආගාධයට වැටෙන්නේ රටේ ජනතාව බව කී රාජකරුණා මහතා මේ වනවිට සියලු ජාත්‍යන්තර ආධාර කප්පාදු කරමින් සිටින බවද කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (21) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජකරුණා මහතා මෙසේ ද කීය.
“නවීන් දිසානායක මහතා ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් මහ නාහිමිවරු බැහැදුටුවා. ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා පිළිවෙත ගැන මහනාහිමිවරු කනගාටුව ප්‍රකාශ කළා.
ඔක්තෝම්බර් 26දා සිට පාර්ලිමේන්තුවේ ඡන්දයක් නොදෙන්න කඩාකප්පල් ක්‍රියා පිළිවෙතක් ගෙනයනවා. එකම හේතුව ඊනියා ආණ්ඩුවට බහුතරයක් නැති කමයි. මේ ඊනියා ආණ්ඩුව එක් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නැහැ. යෝජනා පරදින බව ඔවුන් දන්නවා.
නොවැම්බරයේ දී විශේෂ අධිකරණවල නඩු අසන්නට නියමිතයි.”
ඡායාරූප - ඉෂාන් සංජිව