IMG-LOGO

සරසවි හතක ’’හොස්ටල්’’ නැතුව දරුවෝ අමාරුවේ

(සුජිත් හේවාජුලිගේ)

රජයේ විශ්ව විද්‍යාල 17න් හරි අඩකම ශිෂ්‍ය නේවාසිකාගාර ගැටළුව බරපතළ තැනකට පැමිණීමෙන් ඒවායේ සිසු සිසුවියෝ දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

සබරගමුව, රජරට, වවුනියාව හා සෞන්දර්ය විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර  ගැටළුව ඉතා තදින්ම පවතින බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීම රජයේ  ප්‍රමුඛ කාර්යවී ඇති බවයි.

විශ්ව විද්‍යාල අවට  අතහැර දමා ඇති ගොඩනැගිලි ශිෂ්‍ය නේවාසිකාගාර සඳහා ලබා ගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්  නිර්දේශ එවන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මාර්ගයෙන් සියලුම විශ්වවිද්‍යාල වල උපකුලපතිවරුන්ට දැනුම් දී ඇතැයිද   සඳහන් කළේය

මෙයට අමතරව පෞද්ගලික අංශයට ණය මුදල් ලබාදී  නේවාසිකාගාර  ඉදි කිරීමේ වැඩපිළිවෙළක්ද අරඹා ඇතැයි මධුර සෙනෙවිරත්න මහතා  කීවේය.



අදහස් (1)

සරසවි හතක ’’හොස්ටල්’’ නැතුව දරුවෝ අමාරුවේ

saman Sunday, 03 August 2025 08:20 AM

කොළඹ විශ්වවිද්‍යාලය නේවාසිකාගාර නවාතැන් සඳහා අධ්‍යයන වර්ෂයකට රු. 2,000 ක් අය කරන අතර, කොළඹ විශ්වවිද්‍යාලයට අනුව රු. 1,000 ක ඇතුළත් වීමේ ගාස්තුවක් ද අය කෙරේ. නේවාසිකාගාර නවාතැන් සඳහා අධ්‍යයන "වර්ෂයකට රු. 2,000 ක්" නොව මසකට අවම වශයෙන් රුපියල් 500 හෝ අයකළ යුතුවේ. නේවාසිකාගාර සහ අධ්‍යාපනය නොමිලයේ හෝ ඉතාම අවම මිලකට ලබාදීම තුළ අධ්‍යාපනය වටිනා කමක් හෝ ඔවුන්ට නොදැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site