(සුජිත් හේවාජුලිගේ)
ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ සමාජමය කාරණා හේතුවෙන් සෑම වර්ෂයකම දරුවන් විසිදාහක් පමණ පාසල හැර යන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.
මීට පෙර වසර වල එම සංඛ්‍යාව තිබී ඇත්තේ 16000ක මට්ටමේය.
සිසුන් වැඩිපුරම පාසල් හැර යන්නේ 8,9 ශ්‍රේණිවලදී සහ අපොස සාමාන්‍ය පෙළින් පසුව බව පෙනී ගොස් ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් තොරතුරු රැස්කිරීමට ළඟදීම සංගණනයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
දරුවන් පාසල් හැර යෑමට හේතු සොයා බලා එය වළක්වා ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණ බවද මධුර සෙනවිරත්න මහතා කීවේය.
දරුවන් මෙලෙස විශාල වශයෙන් පාසල හැර යෑම බරපතළ සමාජමය ඛේදවාචකයක් බව අධ්‍යාපනඥයෝ පෙන්වා දෙති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වසරකදී දරුවෝ විසිදාහක් පාසලට සමුදෙති
ටිල්වින් සීයා Saturday, 02 August 2025 11:27 AM
ඔය විසිදාහට පන්ති පහ දාලා මොල හෝදන්න ක්‍රමයක් හිතන්න ඕනෑ...