IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ගිලන් රථ - ත්‍රී රෝද රථ ගැටී 11ක් රෝහලට

(ප්‍රසාද් රුක්මල්)

දිවුලපැලැස්ස මහියංගන ප්‍රධාන මාර්ගයේ හෙබරව ප්‍රදේශයේ දී අද (1) අලුයම රෝගින් පිරිසක් රැගෙන යමින් තිබු ගිලන් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලස්ස පොලිසිය පවසයි .

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු එකහමාරක් සහ දෙකහමාරක් වයස කුඩා දරුවන් දෙදෙනකු සමග ගිලන් රථයේ රිය සහයක සහ හෙද නිළධාරිනියක තුවාල නොලබා බේරී ඇතයි පොලිසිය කීය .

විල්ගමුව ප්‍රාදේශීය රෝහලට අයත් මෙම ගිලන් රථයෙන් රෝගින් පිරිසක් විල්ගමුව රෝහලේ සිට මහියංගන රෝහලට රැගෙන යමින් සිටියදී නාවල තැලිගම ප්‍රදේශයේ සිට රොටලවෙල නෑදෑ ගෙදරක යමින් සිටි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය සදහන් කලේය .

අනතුරින් ගිලන් රථ රියදුරු , හෙද නිළධාරිනියක,රෝගින් හයදෙ‍ෙකු ද ත්‍රිරෝද රථය පදවාගෙන ගිය 62 හැවිරිදි පියකු සමග අවුරුදු 28, 32 වයසේ පසුවන දියණියන් දෙදෙනකු තුවාල ලබා ඇතයි පොලිසිය පැවසීය .

ගිලන් රථයට සහ ත්‍රිරෝද රථය ට අනතුරින් දැඩි ලෙස අලාභහානි වී තිබේ.

 



අදහස් (0)

ගිලන් රථ - ත්‍රී රෝද රථ ගැටී 11ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 162 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 307 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 657 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site