(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
2022 මාර්තු මස 31 වෙනිදින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසට යන මාර්ගය වන මිරිහාන පැඟිරි වත්ත මාර්ගයේ රැඳී සිට උද්ඝෝෂණය කළ පුද්ගලයන්ට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පහරදී ප්‍රකෝප කිරීමේ සිද්ධියට අදාලව පොලිස්පති නියමයෙන් පැවැත්වෙන විමර්ශන වලට අදාළව සුගීස්වර බණ්ඩාර මහතා ව එලෙස කැඳවා ඇත
එලෙස පහර කෑමට ලක්වූ පුද්ගලයන් 12 තම මානව අයිතිවාසිකම් කඩ වූවා යැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ඇත
සුගීශ්වර බණ්ඩාර මහතා වෙත එම පණිවිඩය මීගමුව පොලිසිය මගින් ඔහුගේ මීගමුව නිවස වෙත දැනුම් දීමට කටයුතු යොදා ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

