හැටන්-කොළඹ සේවා දුම්රිය පිලී පනී


(රංජිත් රාජපක්ෂ ) 

                    
හැටන්  සිට කොළඹ දක්වා ධාවනය වු සේවා සපයන දුම්රිය පිලී පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.


අද (25) උදෑසන  7.45  ට පමණ සේවා සපයන දුම්රියේ දොඹකරය මෙසේ පිලි පැනිමට ලක් වි තිබේ.


උඩරට දුම්රිය මාර්ගයේ රෝසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 වෙනි සැතපුම් කණුව අසලදි  මෙය සිදු වී ඇත.


මෙම සේවා දුම්රිය තලවකැලේ සිට කොළඹ දක්වා ඊයේ (24) පස්වරුවේ ධාවනය කරවන අවස්ථාවේ රාත්‍රි 7ට පමණ හැටන් දුම්රිය ස්ථානය අසලදි එම දුම්රියේ දොඹකර සහිත කොටස පිලි පැනිමකට ලක් වු අතර, ඊයේ රාත්‍රි 12 පමණ වන විට යළිත් එම දොඹකරය පිලීගත කරනු ලැබූවද යළි මෙලෙස පිලි පැනීමට ලක් විය.


උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු කිහිපයක් ස ඳහා මිට දින කිහිපයකට ප්‍රථම මෙම සේවා දුම්රිය කොළඹ සිට තලවකැලේ ප්‍රදේශයට රැගෙන විත් ඇති අතර , එම නඩත්තු කටයුතු අවසන් කිරිමෙන් පසු එම සේවා දුම්රිය යළිත් කොළඹ දක්වා ධාවනය කරවන අතරතුරදී මෙසේ අවස්තා දෙකකදි පිලි පැනිමට ලක් වි  තිබේ.

පිලි පැන ඇති දොඹකරය යළි පීලිගත  කිරිමේ කටයුතු එම දුම්රියේම නඩත්තු සේවකයන් විසින් ආරම්භ කර ඇත.