හදිසි විදුලි බිඳ වැටීමකින් ගුවන්තොටේ කටයුතු අඩාලයි




කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආගමන විගමන පර්යන්තයේ  හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී තිබේ.


 එක්වතාවක් උදෑසන 7 ට පමණ විදුලි බිද වැටීම සිදු  වී ඇති අතර  යළි  විටින් විට අවස්ථා තුනකදී විදුලි විසන්දී වීම් සිදු වී තිබේ.


විදුලි විසන්දි වීමත් සමගම ආගමන විගමන පරිගණක පද්ධතියටත් බිඳ වැටී ඇති බවද ,  මේ වන විට  ගුවන්තොටුපොල අතවශ්‍ය කටයුතුවලට මුළුමනින්ම අඩාල වී  ඇතැයි ද  ගුවන්තොටුපොල  නිලධාරීහු පවසති.

 විදුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 

(36698)