IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


යුනෙස්කෝ ලංකා ජාතික කොමිසමේ නිලධාරී මණ්ඩලය පත් වෙයි

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන  යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරිණි.

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ  සහභාගීත්වයෙන් මෙම පත් කිරීම සිදුවිය.

ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාවේ සභාපතීත්වය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,  ආග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් දරන අතර උපසභාපතිත්වය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව  මහතා විසින් දරනු ලබයි. 

අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතික, ජන සන්නිවේදනය, සමාජ විද්‍යාව සහ පරිසරය යන විෂයයන්ට අදාළ යුනෙස්කෝ සංවිධානයේ නිර්ණායකයන්ට අනුව දේශීය සංවර්ධන දැක්ම සාක්ෂාත් කරගැනීමට අදාළ සියලු අමාත්‍යාංශ එක්ව කටයුතු කිරීම මෙම සභාව පිහිටුවීමේ අරමුණයි. 

මෙම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ආචාර්ය ආශා දිවොස්, චන්ද්‍රා වික්‍රමසිංහ, ආචාර්ය වී.වී මැදවත්තේගෙදර සහ සාමිනාදන් විමල් යන විෂය ප්‍රවීණයින් ඇතුළු ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ, ලේකම් නාලක රත්නායක යන මහත්වරුන් සහ හේමන්තා පුබුදුසිරි, ශෂිකලා ප්‍රේමවර්ධන, සමන්ති සේනානායක,අප්සරා කල්දේරා, මොහොමඩ් නවාසි, ආර්.ඒ.ඩී.එස් රණතුංග, ඩබ්.ජී කුමාරගම, සුජීවා පල්ලියගුරුගේ, දීපා ලියනගේ, එච්.ඒ.එච් පෙරේරා, එස්.එස්.පී ද අල්විස්, වරුණ ශ්‍රී ධනපාල, ඩබ්.ඩබ්.එම්.පී.එස්.සී පාලම්කුඹුර, එම්.එස්.එල්.ආර්.පී මාරසිංහ, ආචාර්ය නිලාන් කුරේ, සනුජා කස්තුරිආරච්චි, යන මහත්ම මහත්මීහු  පත්වූහ. 



අදහස් (0)

යුනෙස්කෝ ලංකා ජාතික කොමිසමේ නිලධාරී මණ්ඩලය පත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 237 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 586 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site