සුමිත් චන්දන අලහකෝන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ධූරයට


(අජන්ත කුමාර අගලකඩ)
 
මෝටර් රථ  ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන  සේවයේ විශේෂ ශ්‍රේණියේ  නිලධාරියකු වන සුමිත් චන්දන   කුමාර අලහකොන් මහතා පත් කිරීමට යෝජනා වී තිබේ.
 
 දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම හා ගොවිජනසේවා  අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහු වසර 22 ක පමණ සේවා පළපුරුද්දක් ඇති රජයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
 
මෝටර් රථ  ප්‍රවාහන  කොමසාරිස්  ජනරාල්වරයා ලෙස  කටයුතු කළ ඒ.එච්.කේ.ජේ චන්ද්‍රසිරි මහතා  කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කිරීමෙන් එම ධූරය පුරප්පාඩු විය.