(සෝමසිරි හිඟුරලආරච්චි )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි සීතාවකපුර නගර සභාවේ 2019 වසර සඳහා වූ අය වැය අද එක් ඡන්දයකින් පරාජයට පත් විය.
සභාපති කේ ඒ. රණවීර මහතාගේ මූලිකත්වයෙන් අයවැය විවාදය නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.
පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු 11 ක් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 ක් සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයාද අද සභාවාරයට පැමිණ සිටියහ.
අය වැය ඡන්දය පැවැත්වු අවස්ථාවේදී පොදුජන පෙරමුණ ඡන්ද 11 කි. එක්සත් ජාතික පක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයාද අයවැයට විපක්ෂය ඡන්ද දුන්නේය.
ඒ අනුව සභාවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ඡන්දයකින් අය වැය පරාජය විය.