(විනීතා එම් ගමගේ)
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් (තිරසර සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.
2015 පෙබරවාරි මාසයේ සිට 2018 අප්‍රේල් මාසය දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලද්දේ පල්ලේගම මහතාය.
එතැන් සිට යළි සිවිල් ආරක්ෂක බළකායට පත්කරන තුරුම හෙතෙම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
පල්ලේගම මහතා 2013 සිට 2015 දක්වා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවනු ලබන 2030 තිරසර සංවර්ධන ඉලක්ක දිනා ගැනීමේ වගකීම ඇත්තේ ද පල්ලේගම මහතා ඇතුළු කණ්ඩායමටය.
චන්ද්‍රරත්න පල්ලේගම මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (18) වැඩ භාර ගැනීමට නියමිතය.