
(රුවනි දේවිකා විතානගේ)
සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අනුරාධපුර ස්වරණපාලි බාලිකා විද්‍යාලයේ අවුරුදු උත්සවය ඉතාමත් අලංකාරවත් අයුරින් ස්වර්ණපාලි පාසල් භූමියේදී පැවැත්විණි.
අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි අයන්ති රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ කලා අංශ ප්‍රධාන නියෝජ්‍ය විදුහල්පති අලපලාවල අරියඤණ හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම අලුත් අවුරුදු උත්සවය සිංහල නිවෙස දෙමළ නිවෙස යන මූලික ගැමි නිවෙස් දෙක වටා අපූරුවට නිර්මාණය වී තිබිණි.
ලිප ගිනි මොළවා, වැඩ අල්ලා,ආහාර අනුභවය වැනි අවුරුදු චාරිත්‍ර සිදු කිරීමෙන් අනතුරුව අවුරුදු උළෙල ආරම්භ විය.


