සරසවි සිසුන්ට මහපොළ තවත් වාරිකයක්


(රංජන් කස්තුරි)

විශ්වවිද්‍යාල සිසුන්ට හෙට (5) තවත් මහපොළ වාරිකයක් ගෙවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි

දිවයිනටම බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අපහසුවෙන් තොර ව නැවත සිදු කිරීම සදහා මෙම මහපොළ වාරිකය ගෙවන බවද එම කොමිෂන් සභාව සදහන් කරයි

විශ්ව විද්‍යාල සිසුන්ට ඉකුත් 28 වැනිදිනද මහපොළ වාරිකයක් ගෙවූ බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.