(අජන්ත කුමාර අගලකඩ)
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් යූ. බී. සරත් රූපසිරි මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ලෙස පත්කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන රූපසිරි මහතා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල දශක දෙකකට අධික කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් ජනහිතකාමී මෙන්ම කාර්යක්ෂමව සිදුකිරීමේ අරමුණින්, මෙම නව පත්වීම ලබාදී ඇත.

