විල්වත්තේ දී දුම්රියක් පීලි පනී


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ විල්වත්ත ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

දුම්රිය ධාවනය යළි යථා තත්වයට පත් කිරීමට දුම්රිය සේවකයෝ කටයුතු  කරති.