විදුලි බිඳවැටීම් යථාවත් කිරීම ප්‍රමාදයි


(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධන අර්බුදයට මුහුණ දී සිටීම නිසා විදුලිය බිඳ වැටීම් යථා තත්වයට පත්කිරීම් ප්‍රමාද වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිය බිඳ වැටීම් පවතින ස්ථානවලට ළගාවීම සඳහා මණ්ඩලය සතු වාහනවලට ඉන්ධන නොමැති බවත් ඒ හේතුවෙන් සීමිත වාහන සංඛ්‍යාවකින් සේවා පවත්වාගනෙ යන බවත් විදුලිබල මණ්ඩලය කීය.