(විනීතා එම් ගමගේ)
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන පිළිබඳව මෙතෙක් පැවැති නඩු වලින් ඉතාම වැදගත් නඩුව මෙවර පවරා ඇති නඩුව වනු ඇතැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශේෂඥයෙක්, හිටපු තානාපතිවරයෙක් හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ආචාර්යවරයෙකු ද වන නීතිඥ ඩී. ලක්සිරි මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කරයි
ඉකුත් වසර 40 තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දුන් අධිකරණ තීන්දු දෙස බලන විට වඩාත් වැදගත් කමක් උසුලන තීන්දුවක් බවට මෙම තීන්දුව පත් වනු ඇතැයි දෙ මෙන්ඩිස් මහතා කීය. මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව නිසි අර්ථ කථනයක් ලබා දීමෙන් එය අනාගතයේ ඉතා ප‍්‍රයෝජනවත් එකක් වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
1978 ව්‍යවස්ථාවේ ජනාධිපති හා අගමැති පක්ෂ දෙකකින් පත්වූ අවස්ථාවන්හි දී එය ව්‍යවස්ථා අර්බුධ පැන නගින්නට හේතුවක් වනු ඇතැයි එම කාලයේ දීම ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා පෙන්වා දුන් බවත් මෙන්ඩිස් මහතා කීවේය.
ඩී. එල්. මෙන්ඩිස් මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (21) පැවත්වූ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශ්‍රී ලංකා සංසදයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිවේදී කණිෂ්ක විතාරණ මහතා පවසා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ ආණ්ඩුව විශ්වාස භංග දෙකක් නිසා අවසන් වී ඇතැයි සමහරුන් දරණ මතය වැරදි බවය.
ස්ථාවර නියෝගවලට අනුව ඉදිරිපත්වූ ඒවා නොවන බැවින් එම විශ්වාස භංග සම්මත වී නැතැයි ද හෙතෙම කියා සිටියේය.
විශ්වාස භංග යෝජනාවට කටහඬින් ඡන්දය විමසීම පවා සිදුවූයේ නීත්‍යානුකූල නොවන අන්දමට යැයි පෙන්වා දුන් විතාරණ මහතා පක්ෂයි හා විරුද්ධයි යන වචන දෙක මිස හූ කීමෙන් ඡන්දය ලබා ගන්නා ක‍්‍රමයක් නැතැයි ද කීය.
එසේ නොමැතිනම් පේලියෙන් පේලියට විද්‍යුත් ක‍්‍රමයක් මඟින් හෝ මහ ලේකම්වරයා විසින් එක් එක් අය නම් අඩගසා ඡන්දය විමසීම සිදු කළ හැකි බව පැවසූ කණිෂ්ක විතාරණ මහතා මේ කිසිදු ක‍්‍රමයක් අනුගමනය නොකිරීම නිසා ද මෙම විශ්වාස භංග යෝජනාව නීත්‍යානුකූල නොවන්නේ යැයි ද සඳහන් කළේය.
එම මාධ්‍ය හමුව ඇමතූ විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා කියා සිටියේ දේශීය නීතිය තුළ විසඳා ගත යුතු ප‍්‍රශ්නයකට අන්තර්ජාතික මට්ටමින් මැදිහත් වීම වැරදි බවයි.
ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාව ඕස්ට්‍රේලියාව හා එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක්ම විශේෂ ප‍්‍රකාශ නිකුත් කර තිබු බව කී ගුණරත්න මහතා ඒ සියල්ලක්ම බලපෑම් සහගත අත පෙවීම් සහිත ප‍්‍රකාශ බවද පැවසීය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් තැබීම ඇතුළු දේවල් නීති විරෝධි යැයි ද කථානායක සමඟ එක්ව පාර්ලිමේන්තුව කැඳවිය යුතු යැයි ද එම ප‍්‍රකාශ සියල්ලේම සඳහන් ව තිබු බවත් කීවේය.
මෙම මැදිහත්වීම් වීයානා සම්මුතිය එක්සත් ජාතින්ගේ ප‍්‍රඥප්තිය ඇතුළු බොහෝ සම්මුතින්ට හා මුල ධර්මයන්ට පටහැනි බවත් සෑම රටක්ම ස්වාධීන හා නිදහස් රාජ්‍යයන් බවත් දැන දැනම සියලූ මූල ධර්ම උල්ලංඝණය කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.
හිටපු තානාපතිවරුන් වන ෂා මරික්කාර් බාවා, රසික් සරුක්, සරත් විජේසිංහ, ලලිත් සේපාල රත්නායක, වෛද්‍ය යු ආර් සෙනෙවිරත්න යන මහතවරුද මෙම මාධ්‍ය හමුවට සහභභාගි වූහ.
(ඡායාරූපය ගයාන් අමරසේකර )