නිමල කොඩිතුවක්කු
මහ මැතිවරණය පැවැත්වීමෙන් පසුවත් බලයට පත් වන්නේ ජනාධිපතිවරයාට විරුද්ධ බහුතරය සහිත කණ්ඩායමක් බැවින් උද්ගතව පවතින අර්බුදය විසදීම සඳහා වහාම ජනාධිපතිවරණයක් කැඳවන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමි බලතල අනුව ජනවාරි මස 09 වනදායින් පසු ඕනෑම දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය හැකි බැවින් දේශපාලන අස්ථාවරභාවය නැති කිරීමට ගත හැකි හොඳම සහ ආසන්නම පියවර ලෙස එය ක්‍රියාත්මක කරන්නැයිද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ වැඩිදුරටත් ඉල්ලති.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන පක්ෂ විසින් මෙම ඉල්ලීම කර ඇත.