වරෙන්තුවක් නැතිව පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්


( තිලිණිද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ)

මහෙස්ත්‍රාත්වරයෙකුගෙන් වරෙන්තුවක් ලබා ගැනීමකින් තොරව වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා  අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය  මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාළමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම අද (20) සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මාර්තු 12 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය  මෙම නියෝගය ලබා දුන්නේය. 

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම් නවාස් සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමට කැදවිණි.