කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 3000 ඉක්මවා ගොස් ඇති බව චීනයේ බලධාරීහු පවසති.
මරණ සංඛ්‍යාව 42 කින් ඉහළයාමත් සමඟ මෙම අගය 3000 ඉක්මවා ඇති බව ඔවුහු සඳහන් කරති.

ලොව පුරා 88,443දෙනෙක් ආසාදිත තත්වයේ පසුවෙති.
පසුගිය සති අන්තයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාවේ කොරෝනා රෝගී මරණ පළමුවරට වාර්තා විය.
ඉතාලියේ ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් දින දෙක තුළදී දෙගුණයකින් ඉහළ ගොස් ඇත.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ, චීනය තුළ පමණක් වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 2912ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. හුබෙයි ප්‍රාන්තයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එම අගය ඉහළ ගොස් ඇතැයි කොමිසම සඳහන් කරයි.
කෙසේවෙතත් මේ වනවිට වයිරසය ආසාදනය වීමේ වේගය අඩුවෙමින් පවතින බව බලධාරීහු සඳහන් කරති. හුබෙයි ප්‍රාන්තයෙන් පිටත වයිරසය ආසාදනය වූයේ යැයි සැලකෙන්නේ 6දෙනෙකුට පමණි.
දකුණු කොරියාවේ නව ආසාදිතයන් 500දෙනෙකු වාර්තා වී ඇති අතර, තවත් සිව්දෙනෙකු මිය ගොස් ඇත. ඒ අනුව එහි පුද්ගලයන් 22 දෙනෙකු මිය ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ පැවසුවේ, වයස අවුරුදු 60 ඉක්මවූ හෝ දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවන්නන්ට වයිරසය සීඝ්‍රයෙන් වැළඳෙමින් පවතින බවය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී හුබෙයි ප්‍රාන්තයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 60කට ව්‍යාප්තව ඇත.
(ද හින්දු ඇසුරිනි)
168844

