ලෝක ප්‍රකට දකුණු ඉන්දීය සංගීතඥයා ශ්‍රී ලංකාවට


( ටී.කේ.ජී.කපිල )

ලෝක ප්‍රකට දකුණු ඉන්දීය සංගීතඥ ඉලයරාජා ( Maestro Iiayaraja ) මහතා දින 06 ශ්‍රී ලංකාවේ සංගීත චාරිකාවක් සදහා 01/24 පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

1976 වසරේ සිට මේ දක්වා චිත්‍රපට 1,500 කට පසුබිම් සංගීතය සපයා ඇති ඉලයරාජා මහතා දැනට සමස්ථ ඉන්දියාව පුරාම සහ ලෝකයේම අතිශය ජනාදරයට පත් වී සිටින ඒ.ආර්.රහුමාන් සංගීතඥයාගේ ගුරුවරයා ද වේ .

 තමන්  ශ්‍රී ලංකාවේ සහ සමස්ථ ලෝකය පුරාම විශේෂයෙන්  ද්‍රවිඩ ජාතිකයන් හොදින්ම දන්නා සංගීතඥයෙකු බවත් , තමන් නිර්මාණය කළ ගීතයක් නොඇසූ ද්‍රවිඩ ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා නොමැති බවත් ඉලයරාජා මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

ඉලයරාජා මහතා සමග ගායක ගායිකාවන් 07 දෙනෙකු සහ සංගීත ශිල්පීන් 27 දෙනෙකු ද පැමිණ සිටියහ .  ඔවුන් හෙට ‍(25)  දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සහ 27 සහ 28 දින වල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සංගීත ප්‍රසංග දෙකක් පැවැත්වීමට ද නියමිතය .