ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්


 

(ගයාන් සූරියආරච්චි)

බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා අද (7) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  අනිද්දා (9)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ  කොල්ලූපිටිය පොලිසිය පවසයි.

ලොහාන් රත්වත්තේ  මහතා ඥාතී නිවසකට ගොස් නැවත කොටුව බලා ජීප් රථයෙන් ගමන් කිරීමේදී කොල්ලූපිටිය හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි.

කොල්ලු පිටිය පොලිසියට ලද පැමිණිල්ලක්මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම අවස්ථාවට ගොස් සිදුකළ විමර්ශන වලදී ලොහාන් රත්වත්තේ මහතා බීමතින් සිට ඇති බව අනාවරණය වී තිබූ අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ජීප් රථය ද පොලිසියට රැගෙන විත් තිබුණි.

ඒ අනුව ලොහාන් රත් වත්තේ මහතා අද (7) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (9) දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව පොලිසිය කියයි.

කොළඹ දකුණ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොල්ලු පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් සී දුෂ්මන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.