
(සුජිත් හේවාජුලිගේ )
මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් ( සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට ( ආහාර අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්‌සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
මේ අතර ආසියානු පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතර ශ්‍රී ලංකාව සිටින්නේ 20 වැනි ස්ථානයේ බවද එම අධ්‍යයනයේදී තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළේය.
ලක්ෂ පනස් හතක්වූ රටේ පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ තිස් හතක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලා ඇතැයි පවසන අතුකෝරළ මහතා සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 65ක් ජීවන වියදම පියවා ගැනීමේ බරපතළ ගැටලුවලට මුහුණදී සිටින බවද අනාවරණය කළේය.

