ලංකා -ඊශ්‍රායල් ගුවන් ගමන් සාමාන්‍ය පරිදි


(ප්‍රසාද් රුක්මල් ) 

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි  ක්‍රියාත්මක වන බව  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .

ඉරානය විසින්  එල්ලකරන ලද මිසයිල් ප්‍රහාරයන් හේතුවෙන් දින 2ක් අත්හිටුවා  තිබූ ඩුබායි සහ අබුඩාබි සිට  ඊශ්‍රායලය දක්වා ගමන් කරන ගුවන් යානා නැවත අද (4) දින  සිට ක්‍රියාත්මක වන බව ACORN  Travels සමාගමේ රනුශ් සේරසිංහ මහතා දැනුම් දුන් බව පවසන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල්  බණ්ඩාර මහතා FLY  Dubai ගුවන් සමාගම ඩුබායි සිට ටෙලඅව්ව් දක්වා ක්‍රියාත්මක කල ගුවන් ගමන් වාර ගනන 6 සිට 3 දක්වා අඩුකර ඇතැයි සදහන් කළේය .

Etihard ගුවන් සමාගම අබුඩාබි සිට ටෙල්.අව්ව් දක්වා එක් ගුවන් ගමන් යානයක් පමණක් ගුවනට එක්කර තිබෙන බවද කියයි .

කෙසේ වෙතත් ඉදිරි පැය 48 ඇතුලත ඊශ්‍රායලය විසින් ඉරාන ප්‍රදේශ කරා ප්‍රහාරය ක් එල්ලකරනු ඇති බවට ජාත්‍යන්තර  මාධ්‍ය වාර්තා කරන බවත් , එවැනි හදිසි අවස්ථාවක් උදාවුවහොත් මෙම ගුවන් යානා ගමන් තාවකාලිකව අත් හිටුවන බවද ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති වරයා පවසයි .

එමනිසා ඊශ්‍රායලය බලායාමට අපේක්ශා කරන ගුවන් මගින් ගුවන් තොටුපළට යාමට පෙර තම ගුවන් යානා ක්‍රියාත්මක දැයි අදාල් අංශ වලින් විමසා බලන ලෙසට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බංඩාර මහතා ගුවන් මගීන්ගේ න් ඉල්ලා සිටිති .