
( ෂේන් සෙනෙවිරත්න )
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියකු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බව මහනුවර රෝහල් පොලිසිය කියයි .
එසේ පලා ගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ හෙළබොඩවත්ත ගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මන්දිමුත්තු තවරාජ් රාධිකාන්ත් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි .
එම සැකකරු ස්ත්‍රී දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට ඇති අතර ඔහුට ඇතිවූ මානසික ආබාධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ 40 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) රාත්‍රියේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවට බන්ධනාගාර නිලධාරීන් විසින් රෝහල් පොලිසියට වාර්තා කොට තිබේ .

