(නිමන්ති රණසිංහ)
ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රිෆ්ඛාන් බදියුදීන් මහතා සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිටිත් නම් විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට ද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සිද්ධියට අදාළ සැකකාර රිෆ්ඛාන් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

