(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අසනීප තත්ත්වයකින් පෙළෙන ඇවිද ගැනීමට නොහැකි ආච්චි අම්ම පෝෂණය කළ නොහැකි බව කියමින් පහර දී ඝාතනය කළේ යැයි කියන මුණුබුරකු අත්අඩංගුවට ගත් බව රංගල පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ රංගල, ලෝලුගමවත්ත අංක 1 ලයිමෙ පදිංචිව සිටි ආර් .වෙල්ල අම්මා නැමැති අසූ පස් හැවිරිදි කාන්තාවකි.
මෙම වයෝවෘද්ධ කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් කාලයක සිට ඇවිද ගැනීමට නොහැකිව එක්තැන්ව සිටින තැනැත්තියක් යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම තැනැත්තිය කන්න බොන්න දී රැක බලාගෙන ඇත්තේ සැකකාර මුනුබුරා විසිනි.
නිවස තුළ මිය ගොස් සිටි මෙම කාන්තාවගේ සිරුර පසුගිය 16 වැනි දා සොයාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර පහරදීමකින් මෙම මරණය සිදුවී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළේ යැයි පොලීසිය කියයි.

