(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හෙරොයින් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වී සිටි බව කියන පුද්ගලයෙකු හෙරොයින් සමඟ සැකපිට පිට අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී පලායමින් සිටියදී පසුපස පන්නාගෙන ගොස් ඔහු අල්ලා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයාගේ හිසට පොල්ලකින් පහර දී තුවාල සිදුකරඑම පුද්ගලයා පලාගොස් ඇතැයි කරණ්දෙනිය පොලිසිය පවසයි.
පොලූ පහර කා තුවාල ලැබූ කොස්තාපල්වරයා ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වී සිටින බව කියන ලියන්වල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 4,200 ක් සමඟ 29 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගෙන පසු දින අධිකරණයට ඉදිරිපත් කරන තෙක් කරන්දෙනිය පොලීසියේ සිරමැදිරියේ රඳවා සිටි බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය .
රාත්‍රී රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු කුණු කූඩයක් ඉවතට ගැනීමට සිර මැදිරිය විවෘත කළ අවස්ථාවේ මෙම පුද්ගලයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි .
රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පලා යමින් සිටි සැකකරු පසුපස පන්නාගෙන ගොස් අල්ලා ගත් අවස්ථාවේ සැකකරු කොස්තාපල්වරයා සමඟ පොරබදා අසල තිබූ පොල්ලක් රැගෙන හිසට පහරදී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය .පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට කරන්දෙනිය පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි .

