තරිඳු ජයවර්ධන
අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පතිවරයා ලබා දුන් ස්ථානමාරුව පොලිස්පතිවරයා විසින්ම අද අහෝසි කර තිබේ.
මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම ඇතුළු බරපතල ගණයේ අපරාධ රැසක් සම්න්ධයෙන් විමර්ශන පවත්වන මෙම නිලධාරියාගේ ස්ථාන මාරුවට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය ඊයේ පොලිස් කොමිසමට පැමිණිලි කළ අතර වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදන මගින් ස්ථාන මාරුව හෙළා දැක්කේය.
රහස් පොලිස් පරීක්ෂකට පොලිස්පති දුන් මාරුව පොලිස්පතිම අවලංගු කරයි
Recommended Articles