(කාංචන කුමාර ආරියදාස)
තම පස් හැවිරිදි දියණියට සහ හත් හැවිරිදි පුතාට අමානුෂික ලෙස පහර දී පියා ද බාල්කයක එල්ලෙමින් සිටියදි අසල්වාසියකුගේ දැනුම් දීම අනුව බේරාගෙන දරුදෙදෙනා සමග දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.
දරුවන් දෙදෙනාගේ හිසට බරපතල ලෙස තුවාල සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.ගෙල සිරවීම නිසා පියා ද දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම දරුවන්ගේ මව දැනට විදේශගතව සිටින අතර දරුවන් දෙදෙනා පියාගේ රැකවරණ යටතේ හැදිවැඩි ඇත.
දරුවන් දෙදෙනාට මීට පෙරද මේ ආකාරයෙන් පරහදි දරුවන් ඝාතනය කරන බවට තර්ජනය කර විදේශගතව සිටි සිය බිරියට පින්තූර සහ වීඩියෝ යවා ඇති අතර පසුව පොලිසිය ගෙන්වා අවවාද කර මුදා හැර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

