රජය ලබාදෙන ණය මුදල 20,000 කින් ඉහළ දමයි


(රංජන් කස්තුරි)

ක්ෂද්‍ර මූල්‍ය සමාගම්වලින් පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා රජය මගින් ලබාදෙන සහන ණය මුදල රුපියල් 40,000 සිට 60,000 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

එම ණය සඳහා අය කරන පොලී අනුපාතයද සියයට 14 සිට සියයට 9 දක්වා පහත දැමීමට තීරණය කර තිබෙන බවද මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල හයක් මගින් එම ණය වැඩසටහන ක්‍රියාත්මක කරන අතර උතුරු පළාත වෙනුවෙන් රුපියල් මිලියන 292 ක් උතුරු මැද පළාත වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් ද ආදී වශයෙන් රුපියල් මිලියන 542 ක් වෙන්කර තිබෙන බවද එම අමාත්‍යාංශය කියයි.