
(කේ. බුද්ධික කුමාරසිරි)
ජනාධිපතිධූර අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විජයදාස රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමෙන් ඉවත්ව ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරුගිරිය පෝරේ පිහිටි ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශවය නියෝජනය කරමින් කිසිවෙකු සහභාගි වී නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි.
එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙනු ලබන පුද්ගලයා සම්බන්ධයෙන් සිය කණ්ඩායම සමග විශේෂ හමුවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

