
(නිශාන්ත කුමාර)
ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය සභාපතිවරයාගේ තීරක ජන්දය භාවිතාකරමින් වැඩි ඡන්ද එකකින් (01) අද (11) සම්මත කර ගත්තේය.
මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය සභාපති ටී.එම් කුමාරතිස්ස මහතා සභාවට ඉදිරිපත් කළ අතර ජාතික ජන බලවේගයේ සභාපතිවරයාද ඇතුලුව මන්ත්‍රීවරුන් නව (09) දෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
සමගි ජන බල වේගයේ මන්ත්‍රීවරුන් හතර දෙනා, පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා, සහ සර්වජන බලයේ මන්ත්‍රීවරයා යන මන්ත්‍රීවරුන් නව දෙනා අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළ හ.
එක්සත් ජාතික පක්ෂයේ එස්. එම්. එල්. එච් ජයවර්ධන මන්ත්‍රීවරයා මෙම රැස්වීමට සහභාගී නොවීය.
ඒ අනුව අයවැය ලේඛනයට පක්ෂව හා විපක්ෂව ජන්ද 09ක් බැගින් ලැබීම හේතුවෙන් සභාපතිවරයාට පැවරී ඇති බලතල අනුව තීරක ඡන්දය භාවිතා කළ සභාපති ටී එම් කුමාරතිස්ස මහතා අයවැයට පක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද එකකින් ජාතික ජනබල වේගය ඉදිරිපත් කළ මංගල අයවැය ජයග්‍රහණය කර ගැනීමට හැකි විය.

