
(නිමල කොඩිතුවක්කු)
ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එජාප සජබ එකට එකතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ දී දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දින සැමරුම හා එක්වෙමිනි. ගාමිණී දිසානාක මහතා අපේක්ෂා කළ රට කෙත්වතු සරුසාර කළ ආහාර සුරක්ෂිත භාවය සහ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දී ශක්තිමත් කරන පොදුජන කඳවුර නිර්මාණය කළ යුතු බවත් එවැනි එකතුවකට සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එක්ව මුල පුරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
IFrame
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
UNP and සජබ කියලා කියන්නේ හරියටම ඊශ්‍රායලය සහ ඇමෙරිකාව වගෙයි වයිරය විතරයි තියෙන්නේ... අවුරුදු 76ක් රට බටහිරට පාවා දුන්නා. අන්තිමට ඒ අයට ගැතිකම් කරපු හැත්ත රටේ තිබෙන දෙපළ ව්‍යාපාර ඔවුන්ගේ පවුලේ අයට අයිති කරගෙන ජනතාව බංකොලොත් කළා... වෙනම ආවත් බෙදිලා ආවත් ඔබලා හතර දෙනාගේම UNP,SLP,SJB, Lotus ප්‍රතිපත්තිය එදා ඉදලාම එකයි....