
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ උපදෙස් මත මෙරට අපරාධවල නියැලුණු සාමාජිකයන් 15 කු තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
එම සැකකරුවන් අතර සැකකාරියක්ද වන බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග කඩු පහක්, ලක්ෂ අටක් පමණ වටිනා අයිස් ගෑම් 40 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් අද පෙරවරු 3.00 සිටි පෙරවරු 08 දක්වා සිදු කළ විශේෂ මෙහෙයුමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අසල පිහිටි අරලිය නිවාස සංකීර්ණයේ එම වැටලීම සිදුකර ඇත.
විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම්කරුවකු වන එල්ලාවල ධර්මසිරි පෙරේරා නොහොත් ඇල්ටෝ ධර්මේ සහ කුරුවිට ආරච්චිලාගේ කවිදු දනන්ජය නොහොත් සැන්ඩෝ යන අයගේ කැපුම් කණ්ඩායමේ අනුගාමිකයන් එකොළොස් දෙනෙකු හා අපරාධ සඳහා සැකපිට පුද්ගලයන් තුන්දෙනකු සමග සැකකාරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd