
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී ආකාරයෙන් බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ හයකට අධික වටිනා ඩීසල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි.
එම සැකකරු සමග ලීටර් 200 බැගින් වු බැරල් 10 ක බහා තිබූ ඩීසල් ලීටර් 2000 ක් පොලිස් බාරයට ගෙන ඇත.
කොටහේන පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ නිලධාරීන් සංචාරය කරමින් සිටියදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගේ ලද තොරතුරකට අනුව ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ දි ධාවනය වෙමින් තිබූ සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ලොරියක් නවතා පරික්ෂා කිරීමේදී බැරල් දහයක බහා තිබූ මෙම ඉන්ධන තොගය පොලිස් භාරයට ගැනීමට හැකිවීී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර රියදුරාගෙන් ප්‍රශ්න කිරීමේදී මේවා විකිණීම සඳහා රැකෙන යන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
25 හැවිරිදි සැකකාර රියදුරා නාවලපිටියේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd