
(ගයාන් සූරිය ආරච්චි)
ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීම සඳහා සූදානම් කරතිබූ අයිස් මත්ද්‍රව්‍ය, දුම්කොළ, ජංගම දුරකථන සහ දුරකථන චාජර් සමග සැකකරුවකු ගාල්ල කන්දෙවත්ත ප්‍රදේශයේදී ඊයේ (20) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
විශේෂ කාර්ය බලකාය අක්මීමන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු රැඳී සිටි නිවසක් තුල දී සැකකරු වත් අඩංගුවටගෙන ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 590 ක්, දුම්කොල ග්‍රෑම් 110 ක්, දුම්කොල නැටි ග්‍රෑම් 540 ක්, ජංගම දුරකථන 04, ජංගම දුරකථන චාජර් 23 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd