බංග්ලාදේශ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන තුරු කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ නොකරන ලෙස මැතිවරණ කොමිසමේ ලේකම් හෙලල් උද්දීන් අහමඩ් විසින් අගමැති ෂෙයික් හසීනා සහ අනෙකුත් ඇමතිවරුන්ට ප්‍රකාශ කර ඇත.
ඒ අනුව රජයේ වරප්‍රසාද භුක්ති විඳින අගමැති, ඇමතිවරු, මන්ත්‍රීවරු සහ නියෝජ්‍ය නායකයන් මැතිවරණ කාලසීමාව තුළ කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කීරීම හෝ පරිත්‍යාග කිරීම සිදු නොකරන ලෙස ලේකම්වරයා පැවසුවේය.
එළඹෙන මහමැතිවරණය නිදහස්, සාධාරණ හා විශ්වසනීය ආකාරයකින් පැවැත්වීම අරමුණු කරගනිමින් මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.
දුර බැහැර ප්‍රදේශවල සහ දේශසීමා ආසන්නයේ සාමය සහ විනය පවත්වාගැනීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා ඇත.
මැතිවරණ ද්‍රව්‍ය ප්‍රවාහණයේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර ඇති බව ලේකම්වරයා පැවසුවේය.
- 63226